යුද්ධය අවසන් වී වසර 14 ක් ගතව තිබුණත්, මේ දක්වා හමුදා නිලධාරීන් මාර්ගයෙන් අප කොටු කර දියත් කෙරෙන විවිධ මර්දනයන් මැද නිදහස අහිමි ව ජීවත් වන්නෙමු. හමුදාව මේ දක්වා අපගේ ඉඩම් සිය යටතේ තබා ගෙන අපගේ එදිනෙදා ජීවිතය පාලනය කරමින් සිටිති.
හමුදාව විසින් එල්ල කළ කෆීර් ප්‍රහාරයකින් දෙපා අහිමි කරගත් මම, මේ වනවිට හමුදා බාධා මැද දෛනික ජීවිතය ගත කළ යුතු තත්ත්වයට පත් ව සිටිමි. 2009 වසරේ තෛපොංගල් දින සිලාවතුර තුනේ කණුව ප්‍රදේශයේ දී හමුදාව එල්ල කළ ෂෙල් ප්‍රහාරයෙන් මගේ එක් කකුලක් බරපතල ලෙස තුවාල වී පුදුකුඩිඉරිප්පු රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු වුණෙමි. මට එය විශාල තුවාලයක් යැයි සිතුණේ නැත. කෙසේ වෙතත් 2009 ජනවාරි මස 19 වැනිදා මම ප්‍රතිකාර ගනිමින් සිටි පුදුකුඩිඉරිප්පු රෝහල මතට ලංකා හමුදාව කෆිර් යාන හතරකින් එල්ල කළ ප්‍රහාරයෙන් මාගේ දෙපා අහිමි වී අත්වලත් තුවාල ලැබුවා. මේ නිසා මට දැන් ඔබ මෙන් යතුරු පැදියක් හෝ පා පැදියක් ධාවන කළ නොහැකිව, දෑත් ආධාරයෙන් ගමන් කරමින්, රෝද පුටුවක ජීවිතය ගත කරන තත්ත්වයට පත්ව සිටිමි.
එම බෝම්බ ප්‍රහාරයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිස්, වීදියේ ගමන් කරමින් සිටි පිරිස් බොහෝ දෙනෙකු තුවාල ලැබූහ. 150ක් හෝ 200කට ආසන්න පිරිසක් ශරීර සීසීකඩ වී එම අවස්ථාවේ දී ම මරණයට පත් විය. එම ප්‍රහාරයේ දී දෙපා අහිමිකරගත් මම සිහිය නොමැතිව පුදුමාතලන් ප්‍රදේශයේ රෝහලක් ලෙසට වෙනස් කළ පාසලට මාරු කර යවා, එහි රතු කුරුස සංවිධානයේ ආධාර ඇති ව ආරම්භ කළ නැව් සේවයේ පළමු දිනයේ දී ම ත්‍රිකුණාමල රෝහලට යැවීමට කටයුතු කළහ.
බොහෝ ජනයා තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි සමයේ, ඔවුන්ට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලබා දුන්නේ නැත. රෝහල්වල ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් රෝගීන් රෝහල් ශාලා අයිනක ඇඳ ඇතිරිලි එලා වැතිර සිටියහ. බොහෝ අයට ප්‍රමාණවත් පරිදි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් ඇතැමුන්ගේ තුවාල පැසවා ඒවායේ පණුවන් ඇති වී මිය ගියහ.
මම වසරකට අධික කාලයක් විවිධ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලැබුවෙමි. අවසානයේ දී කොළඹ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මට මගේ ග්‍රාමය තුළ නැවත පදිංචි සිදු කිරීමෙන් අනතුරුව රෝහලින් පිටත්ව යාමට අවසර හිමි විය. බොහෝ කාලයක් සිහිය නොමැතිව බොහෝ තුවාල ලබා සිටි මම, මගේ දෙපා අහිමි වී ඇති බවට දැනගත් විට “ඇයි මම මේ තරම් තුවාල ලබා බේරුණේ, මීට පස්සේ මට මොනවාද කරන්න පුළුවන් ද..?” යනුවෙන් සිතා දැඩි ලෙස දුක් වුණෙමි.
යුද්ධය අවසන් වී අපගේ ප්‍රදේශයට නැවත පදිංචි කිරීමෙන් අනතුරුව, ආබාධිත මා අන් අයගෙන් මුදල් ඉල්ලනු ඇතැයි සිතා බොහෝ පිරිස් මාව කොන් කළ නිසා කුමක් හෝ රැකියාවක් යැයි ගත් උත්සහය හේතුවෙන් විවිධ රැකියාවල නිරත වීමටත් ගොවිතැන් සහ ධීවර රැකියාවක් කිරීමටත් උත්තේජනයක් ලැබුණි.
මම තනියෙන් සිටියහොත් බොහෝ දේ සිහිවෙයි. දෙපා අහිමි වීමට පෙර මම කෙසේ නම් ඇවිදින්න ඇති ද, මේ වනවිට දෙපා නොමැතිව සිටිනවා යනුවෙන් සිහිවෙයි. නමුත් මම එසේ හැඟීමක පහළ වීමට කිසිදු අවස්ථාවක ඉඩ ලබා නොදෙමි. මගේ අහිමි වීම් ගැන සිතා දුක් වන්නේ නම් මා මානසික වැටී මානසික රෝහලක ප්‍රතිකාර ගත යුතු තත්ත්වයකට පත් වනු ඇත. එම නිසා එලෙස දුක්වීමට ඉඩ නොදී කිහිප දෙනෙකු සමඟ කතා කරමින් සිනාසෙමින් රැකියාව සිදු කරමින් සිටිමි.
ජීවිත, දේපළ, අවයව ඇතුළු දෙපා අහිමි කරගත් මට රැකියාවක් ලබා ගැනීම ඉතා අපහසු කාරණයක් විය. සුළු පිරිසක් පමණක් මා හට රැකියාවක් ලබා දීමට ඉදිරිපත් වූහ. ආරම්භයේ දී කඩයක මුදලාලිගේ සහායකයා ලෙස වැඩ කළෙමි. ඔහු මාසික වැටුප වෙනුවට නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දී උදව් කළේ ය. ඉන් අනතුරුව මාර්ග ප්‍රතිසංස්කරණ කිරීමේ කාර්යයන් සඳහා කම්කරුවෙකු ලෙස එක් වී ට්රක්රථයක් පැදවීම ආරම්භ කළ විට රථවාහන පොලිස් නිලධාරීන් මා එය ධාවනය කිරීමට නුසුදුසු අයෙකු බව පවසා නිතරම බාධා කළහ. ඉන් අනතුරුව ගඟෙහි මසුන් මැරීම සිදු කළෙමි. පසුව මුහුදු මසුන් මැරීමට ගිය අවස්ථාවේ දී මාගේ ආබාධිත තත්ත්වය දුටු සියල්ලම රැකියාවක් ලබා දීම ප්‍රතික්ෂේප කළහ. මා මෙන් එක් පාදයක් අහිමි ව සිටින තවත් මිත්‍රයෙක් මාගේ හැකියාව විශ්වාස කරමින් රක්ෂාවක් ලබා දුන්නේ ය. ඉන් අනතුරුව ස්ථිර රැකියාවක් ලෙස එය සිදු කරමින් විවේක කාලයේ දී ආබාධිත පිරිස් සඳහා වන ක්‍රීඩාවලට යොමු වෙමින්, ග්‍රාමයේ සංවිධාන කරන නාට්‍ය ඇතුළු කලා උත්සවලට සම්බන්ධ වෙමින් මගේ ජීවිතය යම් තරමින් සතුටින් ගත කරමි.
අවස්ථා කිහිපයක දී මුහුණ දුන් යුද්ධය අවසන් ව වසර 14ක් ගත වී තිබුණත්. අපට ඉතා පහසුවෙන් රැකියාවක් කළ හැකි අපගේ සම්පත් වන මුහුදේ කොටස් කිහිපයක්, ගොවිතැන් කළ හැකි බොහෝ ප්‍රදේශය හමුදාව අත්පත් කරගෙන සිටීම හේතුවෙන් අසල පිහිටා ඇති මුහුදේ ධීවර කටයුතු කිරීමටත්, ඉඩම්වල ගොවිතැන් කිරීමටත් නොහැකිව ඔවුන්ගේ විවිධ බාධා කිරීම් සහ අභියෝග පසුකර අප වැනි පිරිසට දෛනික ජීවිත ගත කිරීමට සිදුව ඇත. අපගේ සම්පත් සහ රක්ෂාවන් සම්පූර්ණයෙන් අපට ලැබෙන දිනක අප සම්පූර්ණ නිදහස හිමි කරගැනීම සඳහා වන පියවරක් තබා ඇතැයි යන හැඟීම ලැබෙනු ඇත.