මාගේ සමඟ ඉගෙනුම ලැබූ ඇතැම් පිරිස් යුද්ධයට බිලි වූහ. ඇතැම් පිරිස් විදේශගත සිටිති. ඇතැම් පිරිස් මෙරට තුළ ජීවත් වෙති. ඇතැම් අය රෝගවලට ගොදුරු වෙමින්, ඇවිදීමට නොහැකිව සිටිති.
මගේ වයස අවුරුදු 12 පමණ වනවිට එල්.ටී.ටී.ඊ සංවිධානය සහ හමුදාව අතර සටන් ආරම්භ විය. එවිට අප මුලතීව් නගරය අසල කුඩා ග්‍රාමයක ජීවත් වුණෙමු. එය කැලෑ ප්‍රදේශයක් වූ බැවින් දෙපිරිස අතර නිතරම වෙඩි හුවමාරු විය. අප ජීවත් වූ ගම්මානය ඉතා සශ්‍රීක වූ බැවින් එහි හේන් වගාවන්වලින් පිරී පැවතුණි. එළු, හරක්, කුකුළු ගොවිපළවල් පමණක් නොව අක්කර 100ක හෝ 200 ක ඉඩම්වල මුදලාලිලා උඳු වැනි ධාන්‍ය වර්ග වගා කළහ. 1982 සහ 1983 යන කාල සීමාව තුළ දෙමළ ජනයාගේ වගාවන් අසල සිටි සිංහල ජනයා විසින් කොල්ල කන ලදි. ගොවිපළවල සිටි සතුන් ඇතුළු දේවල් ද ඔවුන් කොල්ල කෑ අතර එය වැළැක්වීමට ගිය පිරිසට ද පහර දුන්නහ. දිගින් දිගටම මෙම තත්ත්වය පැවැතීම හේතුවෙන් අපට එම ගම්මනය අතහැර වෙනත් ප්‍රදේශයක පංදිචි වීමට ගියෙමු.
1983 වසරේ දෙමළ විරෝධී ප්රචණ්ඩත්වය ඇති වූ අවස්ථාවේ අප සිටි ගම්මානයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් සිටින බවත් ඔවුන් ව සොයන බවත් පවසමින් හමුදා වාහන දිනකට කිහිප සැරයක් ම සෝදීසි මෙහෙයුම් කළහ. පසුව කොටස් කොටස් වශයෙන් සිංහල ජනාවාස අපගේ ගම්මානය තුළ ඇති විය. 1984 දී හමුදා නිලධාරීන්වත් අපේ ඉඩම්වල පදිංචිය වූ සිංහල ජනතාවත් පන්නා දැමීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණි. මෙම මෙහෙයුමට පළිගැනීමක් ලෙස කෝපයෙන් සිංහල වැසියන් ඉන් දින තුනකට පසුව අලුයම් කාලයේ දී අපේ ගම්මානයට පැමිණ ගෙදරින් ගෙදරට ගොස් අහිංසකයින් 32 දෙනෙකු අල්ලා ගත්තහ. ඉන් 27 දෙනෙකුගේ අත් ගැටගසා ගම්මානයේ තිබු රෙදි වියන කර්මාන්ත ශාලාවක් පිටුපසට රැගෙන ගියහ. අත් ගැට ගසා සිටි 27 දෙනාට වෙඩි තබා ඝාතනය කළහ. මිය ගිය පිරිස අතරට මගේ පියාත් ඇතුළත් ය. තරුණයින් මෙලෙස ඝාතනයට ලක් වූ අතර සෙසු පස් දෙනා හැරමිටි ආධාරයෙන් ඇවිදින මහළු පුද්ගලයන් ය. ට්‍රක් රථයක පෙට්ටිය විවෘත කර ඔවුන් ව එතුළට විසි කළහ. පෙට්ටියේ දොරවල් ඔවුන්ගේ ඇඟ මතට තබා ඊට උඩින් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සිටගෙන සිටිය දී ට්‍රක් රථය ගම්මානයේ සීමාවට රැගෙන ගියහ. එලෙස රැගෙන ට්‍රක් රථය සහ එහි ගමන් කළ මහළු පිරිස් ගිනිගෙන දැවි තිබු අයුරු දැකගත හැකි විය.
මෙම සමූහ ඝාතනයෙන් බියට පත් වූ අපගේ ගම්මාන අසල පිහිටි මායිම් ගම්මාන වැසියන්ගෙන් බොහෝ අය වෙනත් ස්ථානවලට අවතැන් වූහ. ඝාතන, සොරකම් කිරීම්, මංකොල්ලකෑම්, පවුලේ කාන්තාවන්ට ලිංගික අතවර කිරීම් යනුවෙන් දිගින් දිගට ක්‍රියාත්මක වූ ප්රචණ්ඩ ක්‍රියාවලට එරෙහි වීමට නම් විමුක්ති අරගලයට සහභාගී විය යුතුය යන තැනට අප යොමු වුණෙමු.
1986 වසරේ දී ඉන්දිය හමුදා මෙහෙයුම්, 1992 වසරේ නැවතත් ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම්, 1996 වසරේ දී ජයසිකුරු හමුදා මෙහෙයුම් ආරම්භ වීමටත් සමඟ නෙඩුංකේණි, ඉට්ටුසුට්ටාන්, මාංකුලම්, තුණුක්කායි සහ වව්නියා දිස්ත්‍රික්කය, මුලතීව් දිස්ත්‍රික්කය සහ මන්නාරම දිස්ත්‍රික්කය යනුවෙන් අපගේ ගම්මානයේ විසූ අය එක් එක් ප්‍රදේශවලට අවතැන්වූහ. අවතැන් වන විට නිවාසවල තිබුණ වටිනා දේවල් හෝ රන් ආභරණ හෝ මුදල් හෝ නොගෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් පොලිතීන් උරවලට දමා ගනිමින් අප ගියෙමු. අවසානයේ 2009 වසරේ දී මුලතීව්, මුල්ලිවයික්කාල්, මාතලන්, සුදන්දිරපුරම්, පුදුකුඩිඉරිප්පු යනුවෙන් අවතැන් වෙමින් සිටිය දී, මිසයිල ප්‍රහාර එල්ල වෙමින් තිබුණි. අවසන් සටන සිදු වන කාලයේ දී අප මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිට කිලෝ මීටරයක් හෝ කිලෝ මීටර දෙකක් දුරකට අවතැන් වුණෙමු. සටන් සිදු වන ප්‍රදේශ අනුව අපගේ අවතැන් වීම් සිදු විය.
මම 2009 වසරේ පෙබරවාරි මාසයේ දී මිසයිල ප්‍රහාරයකින් තුවාල ලැබූ හේතුවෙන් අවතැන් වන විට මාගේ පවුලේ අය මාව ද ඔසවාගෙන ගියහ. බෙහෙත් සහ සෞඛ්‍ය පහසුකම් එහි අවම වශයෙන් පැවැතුණි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි සෞඛ්‍ය නිලධාරීන් සහ රජයේ වෛද්‍යවරුන් ඖෂධ හිඟය මත වූව ද තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කළහ. මිසයිල ප්‍රහාරයක් එල්ල වූ විට එම ස්ථානයට සෞඛ්‍ය සටන්කාමීන් පැමිණ තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කරමිනුත් මිය ගිය අයගේ මළ සිරුරු ඉවත් කරමිනුත් ඒවායේ අවසන් කටයුතු කරමිනුත් සිය රාජකාරිය ඉතා කැපවීමෙන් ඉටු කළහ. සේලයින් හැර වෙනත් කිසිදු ඖෂධයක් අවසන් යුද්ධය පැවැති සමයේ තිබුණේ නැත. තුවාලවලට දැමීමට ගෝස් තිබුණේ නැත. ඒ වෙනුවෙන් පාට රෙදි කැබලි කෑලිවලට කපා, සෝදා, තම්බා, වියලා ගෝස් ලෙස භාවිත කළහ. එහි ශල්‍යාගාර තිබුණේ නැත. ගස් යට සැත්කම් කටයුතු සිදු කෙරුණි. අවසන් යුද්ධයේ දී එල්.ටී.ටී.ඊ සාමාජිකයින්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි සෞඛ්‍ය නිලධාරීන් සහ රජයේ වෛද්‍යවරුන්ගේ සේවය අගය කළ යුතුය.
අප අවතැන් වී එක් තැනක බංකරයක් කපා ඉතා ආරක්ෂිතව සිටිය දී පවුල් හයක් හෝ හතක් දරුවන් සමඟ කිලිනොච්චියේ සිට අවතැන් වී අප සිටි ස්ථානයට පැමිණියහ. අපගේ බංකරය තුළ දස දෙනෙකුට පමණ ආරක්ෂිතව සිටිය හැක. මම, මගේ බිරිඳ සහ දරුවන් එහි ආරක්ෂිතව සිටියෙමු. එහෙත් කුඩා ළමුන් සමඟ අම්මා කෙනෙක් එළියේ සිටගෙන සිටිය දී ඔවුන්ට ආරක්ෂිතව සිටීමට අපගේ බංකරය තුළට පැමිණෙන ලෙස ආරාධනා කළෙමු. ඇය දරුවන් සමඟ බංකරය තුළ පැමිණීම නිසා එහි ඉඩ ප්‍රමාණවත් නොවිය. එම නිසා මම බංකරයේ කෙළවරට වූ විට මිසයිල ප්‍රහාරයකට ලක් වුණෙමි. එදින මම බංකරය බෙදා නොගත්තා නම් තුවාල නොවි ආරක්ෂා වීමට ඉඩ තිබුණ. එහෙත් කුඩා දරුවන් මිය යන්නට ඇත. එම නිසා මම තුවල වීම ගැන සිතමින් හෝ ජීවිතයේ ඉදිරි දින රෝද පුටුවක ගත කළ යුතු යැයි සිතමින් දුක් නොවුණෙමි. දුක ඇති වූ අවස්ථාවක එම දරුවන් දස දෙනා ගැන සිතමි.
අවසන් යුද්ධයේ දී තුවක්කු වෙඩි තැබීම්වලින්, මිසයිල ප්‍රහාරවලින් පමණක් නොව ආහාර හිඟවීම හේතුවෙන් ද මරණ සිදුවෙමින් තිබුණි. පොකුරු බෝම්බවලට අප අධික ලෙස මුහුණ දුන්නේ ද එම කාලයේ දී ය. වස්තූන් අහිමි කරගැනීමට වඩා ආහාර හිඟයෙන් අප බොහෝ සේ පීඩා වින්ඳෙමු. හාල් කිලෝවක් රුපියල් 5000කටත් පොල් ගෙඩියක් රුපියල් 5000කටත් අලෙවි කෙරුණි. ඒවා මිල දී ගත්ත ද පණ පිටින් යාමට කූඩාරමට හැකි ද යන සහතිකය අප සතුව නොතිබුණි. ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට ගිය පිරිස නැවත පැමිණියේ නැත. වතුර රැගෙන ඒමට ගිය පිරිසත් නැවත පැමිණියේ නැත. මිසයිල ප්රහාරයන් එතරම් උග්‍රව පැවැතුණි.
යුද්ධය අවසන් වී දින තුනක් හෝ හතරකින් අනතුරුව කණ්ඩායම් ලෙස ජනයා හමුදාව සිටින ස්ථාන දෙස දුර සිට බව ඔවුන් දෙසට 50 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාව හමුදා පාලන ප්‍රදේශවලට කොටස් වශයෙන් ඇතුළු වූහ. පැය දෙකක් හෝ තුනක් ඇතුළත ජනතාව අධි අවදානම් කලාපයෙන් පිටත් වීම ආරම්භ කළහ. 1000 දෙනෙකු හමුදා පාලන ප්‍රදේශ තුළට ප්රවේශවීමේ දී ඉන් 750 දෙනෙකු ඔවුන්ගේ පාලන ප්‍රදේශ තුළට පණ පිටින් ඇතුළු වූහ. සෙසු පිරිස හමුදා වෙඩි තැබීම්වලින් මිය ගියහ. පසුව හමුදාව එම පිරිස කඳවුරක සිර කළහ. පවුල් දෙකක් හෝ තුනක් එක කූඩාරමක නතර කළහ. පියවරෙන් පියවර අපගේ උපන් ගම්මාන සඳහා පිටත් වීමට අවසර ලැබුවෙමු. යුද්ධයට පෙර අඩු ආදායම් ලැබුවත් සතුටින් ජීවත් වුණෙමු. මේ වනවිට මම කුලිකම්කරුවන් යොදගනිමින් ව්‍යාපාරයක් කළ ද ඉන් ජීවිකාව රැගෙන යාමට හෝ පෙර තිබූ සතුට සහ නිදහස මේ වනවිට නැත.